තවත් වසර 12 ක කාලයකට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට මේ රට බාර දුන්හොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත් වේවී - වජිර අබේවර්ධන

BB4Live
0


මේ රට ගොඩගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල හැර වෙනත් මාර්ගයක් නොමැති බවත්, එසේ වෙනත් මාර්ගයක් තිබෙන්නේ නම් එය රටේ සියලු ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.


එසේම රටේ කඩා වැටුණු ආර්ථිකය ඉතාමත් ඉක්මනින් ඔසවා තැබීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවුණේ එතුමාගේ පරිණතභාවය නිසා බවත් එතුමාට මේ රට පාලනය කිරීම සඳහා තවත් අවුරුදු 12 ක කාලයක් ඉඩ ලබාදුන්හොත් මේ රට ආසියාවේ බලවත් රටක් බවට එතුමා ඔසවා තබන බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.


වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top