පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිටින සියලු දේශපාලන නායකයින් රට ගැන සහ රටේ ජනතාව ගැන සිතා ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එසේම කිසියම් හෝ මහජන නියෝජිතයෙක් රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙල විවේචනය කර එය කඩාකප්පල් කළහොත් එහි වගකීම රජය පිට නොපවරා තමන්ම බාර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේයත
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
"පාර්ලිමේන්තුවේ අද සිටින විපක්ෂය සැබැ විපක්ෂය ලෙස පිළිගැනීමට මහජනතාව කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් රජයේ කොටසක් ලෙසයි රටේ මහජනතාව හඳුන්වන්නේ. මේ හේතුව නිසා අද වනවිට නව විපක්ෂයක අවශ්‍යතාවය මහජනතාව තුළ ඇති වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආසන 3 ක් පමණක් තිබුණත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය ලෙස මහජනතාව පිළිගන්නේ මේ නිසයි" යැයි ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.